කොවඩ්-19 වසංගතය සහ සංචාරක ව්‍යාපාරය - 02 - ICRA වාර්තාව




ICRA ලංකා ආයෝජන උපදේශන සමාගම මගින් ලංකාවේ කොවිඩ් 19 ව්‍යවසනයෙන් සිදුව ඇති ආර්ථික බලපෑම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකොට ඇත. මෙම අධ්‍යයන වාර්තාව තුළින් සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්ද සැළකිය යුතු මට්ටමේ අවධානයක් යොමුකර ඇති අතරම සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යනයද ඇසුරින්ද සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය අවබෝදයක් ලබාගත හැකිය. 

වාර්තාව මගින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු

  • ආර්ථිකයේ - 1.9ක (සෘණ) අවපාතයක් අපේක්ෂිතය. පූර්ව ව්‍යයසන අවධිය වෙත ළගාවීම 2021 වසරේ පළමු කාර්තුව තුළ පත්වීමට නියමිතය. මීට අමතරව ව්‍යයසන තත්ත්වයේ කළමණාකරණය කිරීමේ හැකියාවේ පරිමාව අනූව විකල්ප තත්ත්වයන් ද්විත්වයක් දක්වා ඇත. ඒ් අනූව වඩාත් කාර්යක්ෂමව ව්‍යයසන තත්ත්වය කළමණාකරණය කරන්නේ නම් - 0.6ක ආර්ථික අවපාතයක්ද, ව්‍යයසන තත්ත්වය කළමණාකරණයේ අසාර්ථක වන අවස්ථාවකදී ආර්ථික අවපාතය - 3.3 දක්වා හානිදායක තත්ත්වයක් බවටද පත්විය හැකිය. 
  • අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් බවට පත්විය හැකිය.
  • 2018 වසරේදී 4.4% නිල රැකියා විරහිත ප්‍රතිශතය 9% බවට පත්වීමේ හැකියාවක් ඇති අතර, වඩාත් අහිතකර තත්ත්වයකදී 10.5% දක්වා පත්වීමටද ඉඩකඩ ඇත. 
  • ආර්ථික උද්ධමනය 4 - 7% තත්ත්වයක පවතී යැයි පූර්වකතනය කර ඇත.
  • කෘෂිකර්ම ක්ෂේත්‍රය මෙම අර්බුද තත්ත්වය තුළ අවම හානියකට පත්විය හැකි ක්ෂේත්‍රය බවත්, කර්මාන්තය හා සේවා අංශයන් වඩාත් හානිදායක විය හැකි බවදට පුරෝකතනය කර ඇත. 

සංචාරක සේවා ක්ෂේ්‍ත්‍රය 

සංචාරක සේවය ඇතුළු සමස්ත සේවා කාණ්ඩය ලංකාවේ සමස්ත ආර්ථිකයට වැදගත් දායකත්වයක් දක්වයි. 

කොවිඩ් 19 අර්බුදය තුළින් වඩාත් හානියට පත්වීමට ඉඩකඩ ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයයි. වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට නියම කර ඇති සමාජ දුරස්ථබාවය පත්වාගැනීම, සංචරණයේ සීමා (අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන්ගමන්), නිරෝධායන අවශ්‍යතාවන් සෘජු ලෙසම සංචාරක කර්මාන්තයට බලපායි. ඒ් අනූව, ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇත. 


ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන් රටවල් කිහිපයක් මත රදා පවතින අතර එම රටවල වසංගත තත්ත්වය කළමණාකරනය සහ නැවත ජාත්‍යන්තර ගමන් වල ආරම්භය, ලංකාවේ සංචාරක කර්මාන්තයට තීරණාත්මකව බලපානු ඇත. 

2001 අර්බුදය සහ අප්‍රේල් 21 ප්‍රහාරයට සාපේක්ෂව කොරෝනා අර්බුදයේ බලපෑම


රටක් ලෙස ලංකාව මුහුණ දී ඇති දරුණුතම ආර්ථික කඩාවැටීම් වලට සාපෙක්ෂ ලෙස කොරෝනා අර්බුදයේ බලපෑම පිළිබදව මැන බැලීම ද මෙම වාර්තාවේ තුළින් ICRA Lanka ආයතනය විසින් සිදුකර ඇත. ඒ් අනූව මින් පෙර ආර්ථික වශයෙන් දරුණුතම බලපෑම වශයෙන් 2001 වසරේ ලංකාවේ සිදුවූ ආර්ථික අවපාතය හදුනාගෙන ඇති අතර, ඊට අමතරව 2019 වසරේ අප්‍රේල් 21දා ප්‍රහාරය සලකා ඇත. 

2001 ආර්ථික අවපාත සමය සහ සංචාරක ක්ෂේත්‍රයට සිදුවූ බලපෑම

2001 වසරේ ජුලි මාසයේ දී LTTE සංවිධානය විසින් කටුනායක ගුවන්තොටුපොළ ට සිදුකරන ලද ප්‍රහාරය මෙකී ආර්ථික අවපාතනට තීරණාත්මකව හේතුවූ අතර ඊට අමතරව ලංකා දේශපාලනයේ අස්ථාවර බව පෙන්ම සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් මීට හේතුවිය. කෙසේ නමුත් 2002 වසරේදී  LTTE සංවිධානය සමග සටන් විරාමයක් ආරම්භ කිරීමත් සමගම 2002 - 2004 වර්ෂයන් තුළදී සංචාරක ක්ෂේත්‍රයේ ක්ෂණික පිබිදීමක් ඇතිවිය.

2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරය හේතුකොට ගෙන රටේ ආර්ථිකය මෙන්ම විශේෂයෙන් රටේ සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල විය. 

පහත දැක්වෙන්නේ 2001 ආර්ථික අවපාතයටත්, 2019 අප්‍රේල් ප්‍රහාරයත් සාපේක්ෂව කොවිඩ් තත්ත්වය හේතුකොට සිදුව ඇති සෘණාත්මක බලපෑම සහ ඉන් නැවත යථා තත්ත්වයට පත්වීමට ගතවිය හැකි කාලය පිළිබදව සිදුකොට ඇති සටහනකි.

Comments