සංචාරක ව්‍යාපාරය හැදින්වීම - ඉතිහාසය



සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය සැකෙවින්


කර්මාන්තයක් ලෙස බිහිවීමට පෙර සංචාර සහ චාරිකා මානවයින්ගේ මුලික හැසිරීමේ ලක්ෂණයකි. සැබැවින්ම සංචාරක කර්මාන්තයක් ලෙස පරිණාමය වන්නට පෙර එය පැවතියේ කෙසේද?

පුරාතන රෝම අධිරාජ්‍ය සමයේදී පුරවැසියන් සහ වහළුන් ලෙස මිනිසුන් කොටස් දෙකකට බෙදා තිබුණු අතර ඉන් පුරවැසියන් හට තමන්ගේ විවේකකාලය වෙනුවෙන් වෙනමම කාලයක් වෙන්වූ බව කියැවේ. [1] එකී විවේක කාලය ක්‍රීඩා, දඩයම් වැනි ක්‍රියාවන්ට වෙන්වූ කාලයට අමතර වූවක් බවත් තමන්ගේ වාසස්ථාන සහ නගරයෙන් පිටත පිහිටා ඇති වෙනමම නගර ඒ සදහා වෙනවූ බවත් සදහන්ය. මේ නගර විනෝදාස්වාදය උදෙසා වෙනවී තිබුණි. Centumcellae සහ  Hadriana යන නගර ඒ සදහා උදාහරණය.

පුනර්ජීවන සමයේ 15 වැනි සහ 17වැනි ශතවර්ශ අතර කාලයේදී යුරෝපයේ වංශවත් පවුල් විසින් රටින් රට සංචාරය කළ බවත්, එය නිශ්චිත සමාජපංතියකට පමනක් හිමිවූ වරප්‍රසාදයක් බව ගැටිනෝ පවසයි. (ගැටිනෝ 2002 26). මේ සදහා හොදම උදාහරණය යුරෝපයේ වරප්‍රසාද ලත් තරුණ පිරිස් විසින් සිදුකළ “ග්‍රෑන්ඩ් ටුවර්” යයි [2]. එහිදී වියපැහැදැම් කළ හැකි තරුණ පිරිස් යුරෝපය වටා සංචාරය කළහ. මෙය නිශ්චිත ස්ථාන ආවරණය කරමින් නිර්මාණය වී තිබුණි. යුරෝපයේ කලා සහ සංස්කෘතික මූලයන් ගවේෂණය කළ මෙම චාරිකාවන් නූතන සංචාරක කර්මාන්තයේ ප්‍රාරම්භය ලෙස සැළකිය හැකිය.

කර්මාන්ත විප්ලවය


කර්මාන්ත විප්ලවය ප්‍රධාන කරුණු ද්විත්වයක් නිසා සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට වැදගත් විය.
1769 දී ජේම්ස් වොට් විසින් වායු එන්ජිම සොයා ගැනීම කර්මාන්ත විප්ලවයේ සංකේතීය ආරම්භය ලෙස සැළකේ. වායු එන්ජිම ප්‍රවාහන දියුණුවේ විප්ලවීය ආරම්භය වීමත්, ප්‍රවාහන සේවාවල දියුණුව සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට තීරණාත්මකම සාධකය බවට පත්විය. [3]

කර්මාන්ත විප්ලවය ලෝකයේ අනෙකුත් සියළු කර්මාන්ත වලට මෙන්ම සංචාරක විනෝදාශ්වාදය සපයන සේවා කර්මාන්තවල නැගීම වෙනුවෙන් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

සංචාරය, විනෝදාස්වාදය වෙනුවෙන් එතෙක් පුද්ගල අයවැයෙන් වෙන්වූ අවම මුදල වෙනුවට සැළකිය හැකි අතිරික්ත ආදායම (Discretionary income) වෙන්කරලීමට හැකිවූයේ කර්මාන්ත විප්ලවයෙන් පසු එකී කර්මාන්ත හිමියන්ගේ අතිරික්ත ධන ප්‍රමාණය වැඩිවීම නිසාය. තව දුරටත් පැහැදිලි කළහොත්, කර්මාන්ත විප්ලවයෙන් පසු සමාජයේ ධනපති පිරිස සංඛ්‍යාත්මක වැඩිවූ අතරම එකී අලුත් ධනපතියන් අත අතිරික්ත ධනය විශාල ලෙස ගොඩනැගී තිබුණි. මේ නිසා එකී  ධනපති පිරිස් සිය විනෝදාස්වාදය වෙනුවෙන් සැළකිය යුතු මුදල් ප්‍රමානයක් වියදම් කිරීමට සුදානම්ව සිටියහ.

දුම්රිය ප්‍රවාහනයේ ඇරඹීමත්, විනෝදාස්වාදය වෙනුවෙන් වන සංචාරක ව්‍යාපාරයේ තීරණාත්මක සන්ධිස්ථානයක් තබමින් 1841 දී තොමස් කුක් විසින් “නිවාඩු කෝචිචිය” (Holiday Train) එංගලන්තයේ ලෙස්ටර් නගරයේ සිට ලාෆ්බරෝ නගරය දක්වා ආරම්භ කරනු ලැබීය. ගමන අතරතුර තේ සහ බිස්කට් පිරිනැමුණු අතර සංගීත වාදනයකින්ද සමන්විත විය. සැතපුම් 10ක විනෝදාස්වාදී ගමනට ෂිලිං 01ක මුදලයක් එක් අයෙකුගෙන අයකරගත් අතර 570 ක පිරිසක් එකවිට මේ දුම්රියේ ගමන් කරනු ලැබිණි.

Comments