කොවිඩ්-19 වසංගතය සහ සංචාරක ව්‍යාපාරය - 01


කොවිඩ් 19 හි හානිය කොතෙක් දැයි තවම නිශ්චිත නොමැත.

එසේ වුවද සංචාරක කර්මාන්තය මෙමගින් වැඩිම හානියට පත්වූ ක්ෂේත්‍රයක් බව පැහැදිලිය.

පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් ජෙට්වින්ග් සමූහයේ හිරාන් කුරේ සදහන් කළේ මේ වනවිට සංචාරක කර්මාන්තය කියා දෙයක් නොමැති බවයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සදහා කළ හැකි එකම කාර්යය දෙවියන් යැදීම පමණක් බවයි. ලංකාව රටක් ලෙස මුහුණ දුන් අර්බුදයන් වලින් අවසාන වශයෙන් ගොඩ ඒමට හැකිවුවත්, මේ වන විට සමස්ත ලෝකයම අර්බුදයට ගොස් ඇති නිසාත් සැබැවින්ම කොවිඩ් 19 තත්ත්වය තුළ ලංකාව, ලෝකයට වඩා ඉදිරියෙන් සිටින නිසා සංචාරක කර්මාන්තය ගොඩ ඒම වඩාත් අවිනිශ්චිත බවත් ප්‍රකාශ කර සිටියේය.

හිරාන් කුරේ මහතාගේ අදහස් දැක්වීමේ වීඩියෝව, සංචාරක, ඇගලුම්, බැංකු, සමස්ත ආර්ථිකය, තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සම්බන්ධවී පවත්වන ලද කොවිඩ් 19 අර්බුදය සහ ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පැවැත්වූ වීඩියෝව මෙහි ඇත.

සංචාරක කර්මාන්තය නැවත පණගැන්වීම සදහා කොතරම් කාලයක් ගතවනවාද යන්න සළකා බැලීමට තවම කල් වැඩි වුවත්, සිදුව ඇති ව්‍යවසනය තේරුම් ගැනීම ආරම්භයක් ලෙස සිදුකළ හැකිය. ඊට ආරම්භයක් ලෙස "ලෝක ආර්ථික සමුළුව" මගින් සංචාරක කර්මාන්තයට සම්බන්ධව සපයා ඇති පහත තොරතුරු වැදගත් වේ යැයි සිතමි.
  1. රැකියා ලක්ෂ 50ක් ඇති වීමේ හැකියාව ඇත. (සමස්ත රැකියා වලින් 12%ත් 14%ත් ප්‍රමාණයක්)
  2. මෙම ව්‍යවසනය මගින් වැඩිම හානියක් සිදුවීමට නියමිත ආසියාවටයි.
  3. වසංගත තත්ත්වය අවසන් වූවාට පසු, කර්මාන්තය නැවත නගා සිටුවීමට තවත් මාස 10ක් ගතවේ.
  4. සංචාරක කර්මාන්තය තුළ වඩාත් හානියට පත්ව ඇත්තේ ගුවන්යානා සමාගම් සහ මගී නෞකාය
  5. මහා බ්‍රිතාන්‍යයේ ටීයූඅයි සමාගම 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් සේවක වැටුප් කප්පාදු කර ඇත.
  6. ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදෙන සියළුම ප්‍රධාන සමාගම් සිය සේවක වැටුප් 10% සිට 60% දක්වා විවිධ ප්‍රමාණයෙන් කප්පාදු කර ඇත. 

Comments