හැදින්වීම

සංචාරක කර්මාන්තය යනු පසුගිය කාලය පුරාවට සීග්‍ර සංවර්ධනයක් අත්පත්කරගත් එමෙන්ම අනාගතයේදී ලංකාවේ ආර්ථිකයේ මෙන්ම සමාජයීය සංස්කෘතික අංශයන්හට වැඩිපුරම බලපෑම් සහගත විය හැකි ක්ෂේත්‍රයක් බව පැහැදිලිය. 

මේ වන විට ලංකාවේ සෘජු හා වක්‍ර ලෙස 10%කටත් වඩා වැඩි ජීවන වෘත්තීන් ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරය මත රදා පවතී. සෘජුව ලබන ආර්ථික ප්‍රතිලාභ වලට අමතරව විදේශ විනිමය රටට ගෙන එන ප්‍රධානතම කර්මාන්තයක් බවට සංචාරක ව්‍යාපාරය පත්ව සිටී.

රටක් ලෙස අපි ඒ සදහා සූදානම්ද? කර්මාන්තයක් තුළින් සිදුවන හුදු ආර්ථික වාසි පිළිබදව පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත්ද? සංචාරක කර්මාන්තය යනු තුන්වන ලෝකයේ දුප්පත් රටවල්, ආර්ථික බලවතුන්ගේ අප්‍රමාණ ආශාවන් පිරිමසා ගැනීමට ගොඩනැගුණු කර්මාන්තයක්ද? මේ සියළු දෑ විවාද සම්පන්නය.


එකක් පමණක් පැහැදිලිය. සංචාරක කර්මාන්තයේ බලපෑම අදට වඩා අනාගතයේදී අපට මුහුණ දෙන්න සිදුවනු ඇත. මේ ඒ වෙනුවෙන් වන කතිකාවකට ඇරයුමකි.

Comments