අප විසින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය නම් සිංහල භාෂාවෙන් සංචාරක කර්මාන්තය අධ්‍යනය වෙනුවෙන් වන අන්තර්ගතයන් වැඩි කිරීමයි. එය මේ වන විටත් යම් තරමකට හෝ සාර්ථක වී ඇතිබව පෙන්වන සාධකයක් නම් මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගේ ප්‍රමාණයයි. දැනුම මූලික කොටගෙන හැකිතාක් විශ්වාසනීත්වය රැකගෙන වඩා ගුණාත්මක සටහන් පෙළක් පරිශීලකයා හට ලබාදීම අපේ අරමුණයි. මෙහි ඇති අන්තර්ගතයන් ඔබට නොමිලයේ ලබාගත හැකි අතර අප බ්ලෝග් අඩවියට ගැන සටහනක් පළකරන්නේ නම් එය වඩාත් ගුණාත්මකය.
සංචාරක කර්මාන්තය යනු පසුගිය කාලය පුරාවට සීග්‍ර සංවර්ධනයක් අත්පත්කරගත් එමෙන්ම අනාගතයේදී ලංකාවේ ආර්ථිකයේ මෙන්ම සමාජයීය සංස්කෘතික අංශයන්හට වැඩිපුරම බලපෑම් සහගත විය හැකි ක්ෂේත්‍රයක් බව පැහැදිලිය.
මේ වන විට ලංකාවේ සෘජු හා වක්‍ර ලෙස 10%කටත් වඩා වැඩි ජීවන වෘත්තීන් ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරය මත රදා පවතී. සෘජුව ලබන ආර්ථික ප්‍රතිලාභ වලට අමතරව විදේශ විනිමය රටට ගෙන එන ප්‍රධානතම කර්මාන්තයක් බවට සංචාරක ව්‍යාපාරය පත්ව සිටී.
රටක් ලෙස අපි ඒ සදහා සූදානම්ද? කර්මාන්තයක් තුළින් සිදුවන හුදු ආර්ථික වාසි පිළිබදව පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත්ද? සංචාරක කර්මාන්තය යනු තුන්වන ලෝකයේ දුප්පත් රටවල්, ආර්ථික බලවතුන්ගේ අප්‍රමාණ ආශාවන් පිරිමසා ගැනීමට ගොඩනැගුණු කර්මාන්තයක්ද? මේ සියළු දෑ විවාද සම්පන්නය.

Comments
Post a Comment